'' හෙලෝ මේ ''
'' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක බලන ගමන් ''
'' අර රාධිකා මතකයි නේද ඔයාට ''
'' කවුද මතක නැ ......ඉතින් කියන්ඩකෝ ''
'' ඇයි අර සුමිත්ගේ වෙඩින් එකේදි හම්බුනේ ..මගේ ක්ලාස්මේට් .....අර............ ''
'' අනේ අර මැරි කරල නැති එක්කෙනා නේද ...........ඉතින් කියන්නකා් ''
'' ඔව් ඔව් .එයා එදා අපිට දුන්න නම්බර් එකෙන් කතා කලා ''
'' හරි අනේ ..........ගෙදර ආපුවහම කතා කරමු .මං හිතුවා හදිස්සියක් කියල ''
'' හෝව් ..හෝව් ........මේ ... මේ .....තියන්ඩ එපා .. දුලානි..........''
'' කියන්ඩ අනේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ ඔයත් වද දෙනව ''
'' මේ අහන්ඩකෝ ..එදා රාධිකා දුන්න නම්බර් එකෙන් කතාකලේ ..එයාලගේ .....අම්මා ''
'' ඉතින් ''
'' එයාලගේ තාත්ත වැඩකරන ලොරියට මනුස්සයෙක් හැප්පිලා ...............රිමාන්ඩ් කරලලු ''
'' පව් අනේ ...''