මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද
''මේ වෙලාවේ හිනා වෙන්ඩ මොනවාහරි ලියුවානං මිට වඩා හොදයි ''
කියලා හිතුන හන්දා ඇදි ඇදි තිබුනා , දිනපතා සිදු වෙන අන්දබජල් සීන් හන්දා ලියන්ඩම හිතෙනවා , මිනිස්සුත් එක්ක වැඩ කරන කොට හැමදාම හිත් රිදවීම් වෙනවාමයි , බොරු චෝදනාවන්ට ලක්වීම් , හිත් රිදවීම් සමහරුන්ටනං ගානක්වත් නැ , ඒ ඒ වෙලාවට මොන මොනවා හරි කියලා ෂේප් වෙලා එතනින්ම අමතක කරලා දානවා . ඒත් හිතට එකගව අවංකව වැඩ කරන කෙනෙකුටනං එහෙම බැ , දවස්ගානක් , සතියක් දෙකක් සමහරක් විට ජීවිත කාලයටම අමතක කරන්න බැ.
සියල්ලන්ටම අවංක සාධාරණව කටයුතු කරන්න හැකි හැම විටම උත්සාහ කරන මිනිස්සු හැමදාම දුක්වෙමින් ජීවත් වෙනවා , එයාලට දරාගන්න බැ අනිත් අයගෙන් වෙන වෙනස්කම්. එයාල බලාපොරොත්තු වෙනවා අනිත් අයත් එහෙම කටයුතු කරයි කියලා ,
'' මහ මෝඩ යකෙක් ''
'' ඒ යකාට පිස්සුද කොහෙද ''
''හිතාගන ඉන්නේ අලි පොරක් කියලා ''
'' අනේ ගොං -කා ගහන්ඩ හිතෙනවා දෙකට කැඩෙන්ඩ ''
'' අනේ බොරු සිල් මෙයා ...ඔහොම පෙන්නන උන් තමා එපාම කරපු උන් ''
ඔය මොන මොන අපහාස අපහාසයන්ට ලක් උනත් ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ගමන නවත්තන්නේ නං නැ . හිතන විදිහ වෙනස් කරන්නේ නැ. සමහරක් විට අවස්ථානුකූල වෙයි . හැබැයි අවස්ථාවාදි වෙන්නේ නැ ,
එහෙම මිනිස්සුන්ට අනිත් උන් මොනවා හිතුවත් මොනවා කියුවත් මොනවා කෙරුවත් වැඩක් නැ . එයාල ඉන්නේ එයාල හරියි කියන මතයෙම තමයි , ආයේ ඉතින් ඒක කෝටී විසිපහක් දුන්නත් (දයාසරිට වාගේ) වෙනස් වෙන්නේ නැ. කවුරු එයාලගේ මතය පිලිගත්තත් නොගත්තත් එයාල එයාලට ඕන විදිහට එයාලගේ ගමන යනවා . එයින් ලැබෙන ලාබය පාඩුව එයාලට වැඩක් නැ , තමන් හරියි කියලා හිතන මතයෙම තමයි ඉතින්.
ඔන්න මේ ලගකදී දවසක මම හැමදාම වාගේ මෙෂින් හදන්න යන එක ෂොෆ් එකකට ( ඔය සෑම් කොලුවා , වැප් අයියා එහෙම දන්නවා පොට් එක ) ආවා දවල් වරුවේ පොරක් , ඒ මහත්තයාගේ ප්රීයම්බිකාවත් එක්ක මෙෂින් එකක් උස්සාගන හදාගන්න කියලා. ඒ වෙලාවේ හදලා දෙන්ඩමයි කියලා මැරෙන්ඩ හැදුවත් ගත්ත වැඩ තිබ්බ හන්දා,